වනජීවී දෙපාර්තමේන්තුව අද (26) මෙරට රිලව් චීනයට අපනයනය නොකරන බවට අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය.
වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ මෙම ප්‍රතිඥාව ලබා දුනනේ මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ගොනුකරන ලද රිට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දීය.
එහි දී වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ විසින් මෙම දැනුම් දීම අධිකරණය වෙත කරනු ලැබීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබිණි.
මෙහිදී විනිසුරු මඩුල්ල මෙම ප්‍රතිඥාව ලිඛිතව පෙත්සම්කාර පාර්ශවයට ලබා දෙන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාට දන්වා සිටියේය.
ඊට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එකඟතාවය පළ කළ අතර අනතුරුව පෙත්සම යළි ජූලි මස 06 වැනිදා යළි කැඳවීමට නියෝග කෙරිනි.
පෙත්සම්කරුවන් කියා සිටියේ මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට රජය සූදානම් වන්නේ යැයි වාර්තා පළ වී ඇති බවත් එහි මුල් පියවර ලෙස රිලවුන් දස දහසක් අපනයනය කිරීමට නියමිත බවත් වාර්තා වන බවය.
මෙම ක්‍රියාව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත මෙන්ම සත්ව හිංසා වැළැක්වීමේ පනතේ විධි විධානයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි යැයි පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…