සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සමෘද්ධි හිමියන් සඳහා මෙම මස (ජූනි) තුළදීත් නියමිත ප්‍රථිලාභ ලබා දෙන බවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.

එහි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා සඳහන් කළේ , අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවයි.

අස්වැසුම සහනාධාර වැඩපිළිවෙළ හරහා සමෘද්ධි ප්‍රතිලාභය අහිමිවූ පුද්ගලයින්ට ජූලි 10 වැනිදා දක්වා ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකියි.

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු 1924 ක්ෂණික ඇමතුම් අංකයෙන් හරහා ලබාගත හැකි වෙයි. සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 8 ත්, 5 ත් අතර එම අංකයට ඇමතුම් ලබාදිය හැකි ය.

අස්වැසුම වැඩපිළිවෙළ යටතේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට සංවර්ධන නිලධාරී සේවා සංගමය ඊයේ පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

මේ අතර, අස්වැසුම වැඩසටහන සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේ දී යම් අඩු පාඩුවක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට රජය වහාම කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ වැඩසටහනට සම්බන්ධ සියලු පාර්ශ්වයන් සමග ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට රජය කටයුතු සැලසුම් කර ඇති බවයි.

අස්වැසුම ප්‍රතිලාභ හිමියන්ගේ නාම ලේඛනය මෙතනින්

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago