කැරැල්ලට සම්බන්ධ වැග්නර් නායකයන්ට නීතිය ක්‍රියාත්මක කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටින් පවසයි.
එහෙත් සාමාන්‍ය වැග්නර් හමුදා සාමාජිකයින් දේශප්‍රේමීන් බව සඳහන් කළ ජනාධිපතිවරයා ඔවුන්ට හමුදාවට බැඳීමට, බෙලරූස් වෙත යෑමට හෝ නැවත නිවසට යෑමට අවසර ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.
පසුගිය සති අන්තයේදී රුසියානු නගරයක් අල්ලා ගත් වැග්නර් හමුදාව මොස්කව් බලා පිටත්ව ගිය අතර බෙලරූස් ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ඔවුන් එම ගමන අත්හැර එම රාජ්‍ය වෙත ගමන් කිරීමට පියවර ගත්තේය.
මේ අතර වැග්නර් කුලී හමුදා ප්‍රධානී ඉයුජිනි ප්‍රිගොෂින් මේ වන විට සැඟව සිටින බව වාර්තා වේ.
එමෙන්ම, රුසියාවේ ඇතිවූ කැරැල්ලට අමෙරිකාව ඇතුළු බටහිර රටවල කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
රුසියාව චෝදනා කළේ, වැග්නර් කුලී හමුදාවට රට තුළ මෙවැනි ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට අමෙරිකාව ඇතුලු බටහිර රටවල් උසිගැන්වීම් සිදු කළ බවයි.
අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය රැසියාවේ අභ්‍යන්තර ගැටලුවක් වන අතර ඊට අභ්‍යන්තර ලෙස විසදුම් සෙවිය යුතු බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…