ජලය සහ පස් ආශ්‍රිතව තිබෙන බැක්ටීරීයාවක් හේතුවෙන් ඇති වන රෝගයක් ලෙස පාංශු උණ (මෙලියොයිඩෝසිස් – Meliodosis) හඳුන්වනවා.
වැසි සහිත කාලගුණයත් සමඟ ව්‍යාප්ත වන මෙම රෝගය මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.
මෙම බැක්ටීරීයාව ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකට ආසාදනය විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. මෙම බැක්ටීරීයාව ශරීරගත වන අවස්ථා කිහිපයක් තිබෙන අතර වැඩි වශයෙන් ශරීරගත වන්නේ පස්වල තිබෙන බැක්ටීරීයාව කකුලේ යටි පතුලේ ඇති කුඩා තුවාල මඟින් හෝ යටි පතුල් පැලී ඇති විටයි.
එමෙන්ම බැක්ටීරියාව සහිත අපිරිසුදු ජලය පානය කීරීමෙන් ද දූවිල්ල ආඝ්‍රාණය කිරීමෙන් ද පාංශු උණ හැදෙන්න පුළුවනි. දියවැඩියාව, වකුගඩු රෝග සහ තැලසීමියාව වැලඳී ඇති රෝගීන් මෙන්ම දුම්පානය කරන්නන් සහ අධික මත්පැන් පානය කරන්නන්ට ද මේ රෝගයේ අවදානම වැඩි බවයි වෛද්‍යවරු පවසන්නේ.
මේ වන විට පාංශු රෝහයට ගොදුර වී ඇති රෝගීන් අතර නියුමෝනියාව, පෙනහලු සහ අක්මාවේ සැරව ගෙඩි වැනි විවිධ ආසාදන ඇති රෝගීන් බහුල බව වාර්තා වෙනවා.
මෙම රෝගයේ රෝග ලක්ෂණ බොහෝදුරට මී උණ හා ක්ෂය රෝගයට සමාන වෙනවා. මේ නිසා වෛද්‍යවරු පත්වන්නේත් මහත් අපහසුතාවයට. මෙහි ප්‍රධාන ලෙසම ඇති වන රෝග ලක්ෂණ වන්නේ උණ ඇති වීමයි.
රසායනාගාර පරීක්ෂණ මඟින් රෝගය ඉක්මණින් හඳුනාගැනීම සහ පෙර පැවති නිදන්ගත රෝගවලට ද ප්‍රතිකාර කිරීමෙන් ද පාංශු උණ රෝගය සාර්ථකව සුව කළ හැකියි.
නියමාකාරයෙන් රෝගය හඳුනාගෙන නියමිත ප්‍රතිජීවක ලබා දී ප්‍රතිකාර නොකළහොත් මෙම රෝගය විටින් විට මතුවෙන්න පුළුවනි.
පාංශු උණ රෝගය වැලඳී ඉන් අපහසුතාවට පත් වීමට පෙර ඉන් වැළකී සිටීම ඉතා වැදගත්. මෙහිදී දුම්පානය සහ මත්පැන් පානයෙන් වැළකී සිටීම, නිදන්ගත රෝගවලට ප්‍රතිකාර ලබා ගැනීම, මඩ හෝ අපිරිසුදු ජලයට දෙපා නිරාවරණය කර නොගෙන සිටීම, පා ආවරණ පැලඳීම අත්‍යවශ්‍යයි.
එමෙන්ම, යටිපතුල් පැලී ඇති විට සහ දෙපාවල තුවාල ඇති විට ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොදා ඉන් ආරක්ෂා වීම ද වැදගත්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…