“අස්වැසුම” ප්‍රතිලාභී නාම ලේඛනයට නම ඇතුළත් වී නොමැති සියලුදෙනාම ජූලි 10වැනිදාට පෙර අභියාචනා ඉදිරිපත් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා දැනුම්දීමක් කරනවා.
අභියාචනා ලබාදීමෙන් පසු සුදුස්සන් තෝරා ගැනීමේ අවසන් ලේඛනය සකස් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර “අස්වැසුම” සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් මේ වන විට අභියාචනා 188,794ක් සහ විරෝධතා 3,300ක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළා.
‘1924’ ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් පැමිණිලි ගොනු කළ හැකි අතර වැඩි විස්තර ද එමඟින් ලබා ගත හැකියි.
මේ අතර “අස්වැසුම” සමාජ සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් විරෝධතා සහ අභියාචනා ඉදිරිපත් කිරීමට අද (28) සිට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විශේෂ කවුළු විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වෙනම කණ්ඩායමක් ද අනියුක්ත කර ඇති බවයි සමාජ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජික කමල් පද්මසිරි මහතා සඳහන් කළේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…