විනෝදාත්මක

ජනමාධ්‍ය ඇමති බන්දුලගේ අණින් රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ ඉවත් කරයි !

ප්‍රවෘත්ති විකාශනයේ දී තමන්ගේ ප්‍රවෘත්තිවල ප්‍රමාණය අඩු බවට චෝදනා කර ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස රූපවාහිනී සභාපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ.

රූපවාහිනියේ වෘත්තිය සමිති ප්‍රකාශකයෙක් පැවසුවේ මේ වනවිට ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති දෙදරීම හේතුවෙන් රූපවාහිනියේ බලය පොහොට්ටු දේශපාලනය විසින් තහවුරු කරගැනීම සඳහා මේ වනවිට දියත් වී ඇති මෙහෙයුමේ එක් ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවය.

පෙරේදා රූපවාහිනි සභාපති ඩබ්ලිව් බී ගනේගල විසින් රූපවාහිනි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ ගෙන්වා ඇමතිවරයා ඔහුව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කරන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇමතිවරයා බොහෝ තැන්වල කරන සංචාර රූපවාහිනිය මගින් නිසි පරිදි ආවරණය කර ප්‍රවෘත්ති විකාශනයන්හි විකාශය නොවීමය.

එහෙත් ඇමතිවරයාගේ ප්‍රවෘත්ති ප්‍රමාණාත්මකව රූපාවහිනිය ඔස්සේ විකාශනය කරන බවත්, කිසිම ඇමතිවරයෙක් ලබා නොගත් ගුවන් කාලයක් තවමත් මේ ඇමතිවරයා විසින් බලපෑම් කර ලබා ගන්නා බවත් පවසන වෘත්තිය සමිති පවසන්නේ තිලක් මහගමගේ ඉවත් කිරීමෙන් පසු ඇමතිවරයා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත්කරන ලෙස දන්වා ඇත්තේ පොහොට්ටුවේ දේශපාලන ගැත්තෙක් විම නිසා ප්‍රවෘත්ති අංශයේ බරපතල අප්‍රසාදයට පත් වී එතැනින් ඉවත් කරන ලද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකි.

දශක තුනකට ආසන්න කාලයක් රූපාවාහීනීයේ පළපුරුද්දක් සහිත කෘතහස්ථ මාධ්‍යවේදියෙක් වූ තිලක් මහගමගේ රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත් වන්නේ පෙබරවාරියේ පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ්‍යකට මුහුණ දීමෙන් අනතුරුව බවත් එම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි රූපවාහිනියේ ඇමතිගේ ගෝලයා ඉන් අසමත් වුන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

උපුටා ගැනීම – ලංකාසර

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago