ක්‍රිකට්

සුපිරි 6 වටයේ තරඟ ආරම්භය හෙට – සමස්ත තරග කාලසටහන මෙන්න !

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ තරග හෙට (29) සිට ආරම්භ වනවා.

සුපිරි 6 වටයේ පළමු තරගය හෙවෙත් මෙවර තරගාවලියේ 21 වැනි තරගය හෙට පැවැත්වෙන්නේ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ඕමානය අතරයි.

එම තරගය මෙරට වේලාවෙන් දහවල් 12.30ට බුලවායෝ හී දී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා (30) පැවැත්වෙන්නේ නෙදර්ලන්තයට එරෙහිවයි.

සුපිරි 6 වටය හෙට ආරම්භ වන නමුත්, මූලික වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හා ශුද්ධ ලකුණු වේගය (net run rate) ද සෑම කණ්ඩායමක් විසින්ම සුපිරි 6 වටය සදහා රැගෙන යනවා.

ඒ අනුව සුපිරි 6 වටයේ වත්මන් ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව එහි පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ B කාණ්ඩයෙන් සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙක වන ඕමානයට හා ස්කොට්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහන හේතුවෙන්.

සිම්බාබ්වේ කණ්ඩායම දෙවැනි ස්ථානයේ රැදී සිටිනවා. ඒ, A කාණ්ඩයෙන් ඔවුන් සමග සුපිරි 6 වටයට සුදුසුකම් ලැබූ සෙසු රටවල් දෙක වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හා නෙදර්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහන හේතුවෙන්.

සුපිරි 6 වටයේ තරග කාලසටහන හා ප්‍රසාද ලකුණු සටහන පහතින් –

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago