ශ්‍රී ලංකා

දින 4ක් රාජගිරිය අවට පාරවල් වැසෙයි – පොලිස් නිවේදනය මෙන්න !

ජූනි 30 වැනි දින සවස 5 සිට ජූලි මස 4 වැනිදා අලුයම 5 දක්වා රාජගිරිය පාරේ මැද වැලිකඩ හන්දිය, මොරගස්මුල්ල හන්දිය හා මාදින්නාගොඩ හන්දියෙන් මාර්ගය වසා තැබෙන බව පොලිසිය පවසනවා.

ඒ, රාජගිරිය පාර මැදවැලිකඩ හන්දියේ සිට මාදින්නාගොඩ හන්දිය දක්වා කොටසේ ජලනළ එලීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම හේතුවෙන්.

අදාළ දිනවල මෙම මාර්ගය භාවිත නොකර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඒ් අනුව මාදින්නාගොඩ සිට රාජගිරියට ඇතුළුවන වාහන මාදින්නාගොඩ හන්දියෙන් දකුණට හැරී රාජගිරිය පාරේ ගමන් කර මොරගස්මුල්ලෙන් වමට හැරී මොරගස්මුල්ල පාර, ඔබේසේකර පුර පාර ඔස්සේ රාජගිරිය හා බොරැල්ල දෙසට ගමන් කළ හැකියි.

රාජගිරිය දෙස සිට මාදින්නාගොඩ දෙසට ගමන් ගන්නා වාහන ඔබේසේකරපුර පාර ඔස්සේ මොරගස්මුල්ල හන්දියට පැමිණ දකුණට හැරී රාජගිරිය පාර ඔස්සේ මාදින්නාගොඩ හන්දියට පැමිණ, මාදින්නාගොඩ හන්දියෙන් වමට හැරී මාදින්නාගොඩ දෙසට ගමන් කළ හැක.

රාජගිරිය පාර ඔස්සේ මාදින්නාගොඩ දෙසට ගමන් ගන්නා වාහන මැද වැලිකඩ හන්දියෙන් දකුණට හැරී මැදවැලිකඩ පාර ඔස්සේ කමතවත්ත පාරට පිවිස, බුත්ගමුව පාර ඔස්සේ ගමන් කර මහනියර හන්දියෙන් වමට හැරී මාදින්නාගොඩ දෙසට පැමිණිය හැක.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago