LPL

මෙරට එකම ළමා විකිරණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයාත් රට හැරයයි !

ළමා විකිරණවේදය පිළිබඳ ශ්‍රී ලංකාවේ එකම විශේෂඥ වෛද්‍යවරයා රට හැර ගොස් ඇති බව Specialist doctorsන්ගේ සංගමයේ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා පවසනවා.

මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ, 2024 සහ 2025 වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවම වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 4,000ක් අවශ්‍ය වනු ඇති බවට මීට පෙර ගණන් බලා තිබූ බවයි.

නමුත් මේ වනවිට සිටින්නේ ඉන් 50%ක් (වෛද්‍යවරුන් 2,000) පමණක් බවයි වාර්තා වන්නේ.

මීට අමතරව හදිසි ප්‍රතිකාර ඒකකවලට අනුයුක්තව සිටි වෛද්‍යවරුන් 30 දෙනෙකු පුහුණු කර විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පත් කළ නමුත් ඔවුන්ගෙන් 20 දෙනෙකු සංක්‍රමණය වී ඇති බව සඳහන්.

එමෙන්ම 2024 සහ 2025 වන විට නිර්වින්දන වෛද්‍යවරුන් 289 ක් සිටින බවට ඇස්තමේන්තු කර තිබුණා.

නමුත් මේ වනවිට ඉතිරිව ඇත්තේ නිර්වින්දන වෛද්‍යවරුන් 155 ක් පමණක් බවත් ඔවුන්ගෙන් 30 ක් සංක්‍රමණය වී ඇති බවත් සඳහන්.

ඉතිරි නිර්වින්දන වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගියහොත් සෞඛ්‍ය අංශයට තවත් නිර්වින්දන වෛද්‍යවරුන් 20 ක් අහිමි වන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම මේ වසර අවසන් වනවිට සංක්‍රමණය නොවූ විශේෂඥ වෛද්‍යවරුන් සහ නිර්වින්දන වෛද්‍යවරුන් 100ක් පමණක් ඉතිරිවන බවයි ඔහු පැවසුවේ.

තවද වෛද්‍යවරයා සඳහන් කළේ, මෙරටට ළමා විකිරණවේදය පිළිබඳ එක් විශේෂඥ වෛද්‍යවරයෙක් සිටි බවත් ඔහු මේ වනවිට විදේශගතව ඇති බවයි.

මීට අමතරව බොහෝ විශේෂඥ වෛද්‍යවරු සංක්‍රමණය වීමට හේතු ලෙස සඳහන් කර ඇත්තේ.,
1) නිල නිවාස නොමැතිකම මෙන්ම ඉතාමත් සුළු පහසුකම් ලබාදීම.
2) දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමට ක්‍රමයක් නොමැතිකම.

එබැවින් වෛද්‍යවරුන් සංක්‍රමණය වීම නැවැත්වීමට අවශ්‍ය නම් රජය මෙම ප්‍රශ්න දෙස බැලිය යුතු බවයි වෛද්‍ය ගුණරත්න මහතා පැවසුවේ.

Team CNF

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago