උදරයේ අබාධායක් සඳහා ප්‍රථිකාර ගැනීමට රාගම රෝහලට ඇතුළත් කළ විසිතුන් හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් බව කියන එන්නතකින් පසු ඇති වූ අසාත්මිකතාවයකින් ඇය මිය ගොස් ඇතැයි මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ පලිහවඩන ආරචිචිගේ හංසිකා සජානි පෙරේරා නැමති ජාඇල උතුරු බටගම පදිංචිව සිටි කාන්තාවකි.
හදිසි මරණ පරීක්ෂකඑස්.පී.ඩී.එන්.සේනානන්ද ඉදිරියේ රාගම ශික්ෂණ රෝහලේදි හදිසි මරණ පරික්ෂණය පැවැත්වීය.
කාන්තාවගේ ශරීරයට විෂබීජයක් ඇතුල් විම නිසා එයට ප්‍රථිකාර වශයෙන් ඇයට ලබාදුන් එන්නතක් අසාත්මික වීමෙන් මෙම මරණය සිදුව ඇති බව, මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ජේ.සී.බි.පොලොන්වල මෙහිදි නිගමනය කර සිටියේය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…