රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තත්වය හමුවේ මේ මස 19 වැනිදා සිට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කිරීමට සිදු වූ බවයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම මේ සඳහා ප්‍රධානතම හේතුව බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
එහි නිලධාරියෙක් සඳහන් කළේ නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20 ක් පමණ වියදමක් දැරීමට ප්‍රතිපාදන නොමැතිවීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන මුදල් ගෙවීමේ එකඟතාව මත කාඩ් මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 8 කට වැඩි ප්‍රමාණයක් මාස 6 කට වැඩි කාලයක සිට මුද්‍රණය කිරීමට නොහැකිව ඇති බවයි එම දෙපර්තමේන්තුව පැවසුවේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…