තෙල්දෙණිය, කෙංගල්ල ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක සේවකයින් දෙදෙනෙකු බිය වද්දා බැඳ දමා, රුපියල් ලක්ෂ 770 ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්ගයේ ජිප් රථ 03 ක් සහ වෑන් රථයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොල්ලකන ලද ජිප් රථ 02 ක් සහ කොල්ලකෑම සඳහා සැකකරුවන් පැමිණි කැබ් රථය සමඟ සැකකරුවන් තිදෙනෙකු ඊයේ වත්තේගම, දොරගමුව ප්‍රදේශයේ නිවසක් පිටුපස ගරාජයකදී අත්අඩංගුවට ගැනුණේ, වත්තේගම පොලිසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ගුන්නෑපාන, දොරගමුව සහ රජවැල්ල ප්‍රදේශවල පදිංචි, අවුරුදු 27, 32 සහ 34 යන වයස්වල පසුවන්නන්.
සැකකරුවන් අද තෙල්දෙණිය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කොල්ලකන ලද අනෙක් ජිප් රථය සමඟ තවත් සැකකරුවෙකු නිට්ටඹුව, පන්නිල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගැනුණේ තෙල්දෙණිය පොලිසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.
සැකකරු වතුපිටිවල ප්‍රදේශයේ පදිංචි, 26 හැවිරිදි පුද්ගලයෙක්. අත්අඩංගුවට ගත් සැකකරු අද තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…