ක්‍රිකට්

ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රබලයෙක් ඉවතට – ආදේශක ක්‍රීඩකයෙකු නම් කරයි !

ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය වටයේ තරග ද ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (29) නිවේදනය කළා.

තරඟාවලියේ පළමු තරගයට පෙර පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියේ දී යි චමීර දකුණු උරහිසෙහි ආබාධයකට ගොදුරු වුණේ.

ඒ හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැති මූලික වටයේ සියලු තරග ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ. ඔහු එම ආබාධයෙන් තවමත් සුවය ලබමින් සිටින බැවින් ඉදිරියේදී යළි ශ්‍රී ලංකාව බලා ගෙන්වා ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙරටට පැමිණීමෙන් පසුව ඔහු ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ දී සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සඳහා අවශ්‍ය වන පුනරුත්ථාපන කටයුතුවල නිරත වීමට නියමිතයි.

චමීර වෙනුවට සංචිතය සඳහා ඩිල්ෂාන් මධුශංක ආදේශ කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. එම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට අවශ්‍යතාවයක් ඇති වුවහොත් කැදවීමේ අරමුණින් අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කිරීමට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ අතර, ඔවුන් තිදෙනා පසුගිය 23 වැනිදා බුලවායෝ හීදී සංචිතය සමග එක් වුණා.

එම ක්‍රීඩකයින් තිදෙනා අතරට ඇතුළත්ව සිටියේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා පිතිකරු සහන් ආරච්චිගේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago