යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (30) අළුයම එක්වරම ගිනිගෙන විනාශ වී තිබෙනවා.
මෙලෙස බස් රථය ගිනිගෙන ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිට ප්රදේශයේදීයි.
බස් රථය ගිනි ගන්නා අවස්ථාවේදී එම රථයේ සියළු ආසනවල මඟීන් සිට ඇති නමුත් ඉන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
ගින්නෙන් ඇතැම් මඟීන්ගේ ගමන් මළු කිහිපයක් විනාශ වී තිබෙනවා. ගින්න සම්බන්ධව තොරතුරු වාර්තා වීම සමඟ පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පාලවිය ගුවන් හමුදා ගිනි නිවිමේ ඒකක පැමින ගින්න පාලනය කිරීමට සමත්වුවද ඒ වනවිටත් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.
බස් රථය යාපනයෙන් ඊයේ (29) රාත්‍රී 10.30ට පමණ කොළඹ බලා ගමන් ආරම්භ කර තිබෙනවා.
පුත්තලමට ආසන්නයේ දී තේ පානය සඳහා බස් රථය නතර කර ඇති අතර එහිදී රියදුරු විසින් රථය පරික්ෂා කිරීමක් කර තිබුණද එහිදී කිසිඳු කාර්මික දෝෂයක් නොතිබූ බවද වාර්තා වනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මදුරන්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…