ශ්‍රී ලංකා

අත්හල ඇත්රජු මුතු රාජා යළි මව් රටට ගියේ මෙහෙමයි (PHOTOS)

රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාගයක් ලෙස තායිලන්තයේ රජතුමා විසින් මීට වසර 22 කට පෙර ශ්‍රී ලංකාවට ලබා දුන් “මුතු රාජා” නොහොත් “සක්සුරින්” ඇත් රජු යළි තායිලන්තය වෙත රැගෙන යාම සදහා අද (02) අලුයම 03.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආවේය .

ඇත් රජු රැගත් රථය මෙතෙක් ඔහු රඳවා සිටි දෙහිවල සත්වෝද්‍යානයෙන් පිටත් වී ඇත්තේ අලුයම 12.00 ට පමණය.

එම විශේෂ රථය ඉතා සෙමින් සෙමින්, හස්තියා අපහසුතාවට පත් නොවන ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔහුව රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

එම ගමන සඳහා තායිලන්තයේ සිට මෙරටට පැමිණි පශු වෛද්‍යවරුන් තිදෙනෙකු, ඇත් ගොව්වෙකු සහ සහයකයින් දෙදෙනෙකු සහභාගී වී තිබෙනවා.

“සක්සුරින්” මුල් නමින් 2001 වසරේ ජනවාරි 08 වැනි දින තායිලන්ත රජය, මෙරටට ප්‍රදානය කෙරුණු “මුතු රාජා”, එවක ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් සන්නසකින් අලුත්ගම කන්දේ විහාරයට පූජා කරනු ලැබුවා.

“මුතු රාජා” ශ්‍රී ලංකාවේ සිටින දිගම දළ යුගල හිමි හස්තියායි.

වසර ගණනාවක් විවිධ පෙරහර අවස්ථාවන්ට එක්වු “මුතූ” මහනුවර ඓතිහාසික නාථ දේවාලයේ පෙරහරට සිය දායකත්වය නොකඩවා ලබා දුන්නේ මීට වසර කිහිපයකට පෙර සිටයි. එහෙත් මෙම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා එරට රජය ලංකාවෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව “මුතු රාජා” යළි තායිලන්තය වෙත යැවීමට තීරණය කර ඇත්තේ, ප්‍රතිකාර කිරීමෙන් පසු නැවත ලබා දෙන බවට වූ ගිවිසුම මත බවයි අලුත්ගම, කන්දේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර නා හිමියෝ ප්‍රකාශ කළේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago