ක්‍රිකට්

වනිඳු හසරංගට ICCයෙන් දඩ – තරඟ තහනම් වීමේ අවදානමක් !

නෙදර්ලන්තයට එරෙහිව බුලවායෝහිදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයේ දි වනිඳු හසරංගට නිල තරවටු කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ ICC චර්‍යාධර්ම පද්ධතියේ පළවෙනි මට්ටම කඩ කිරීම සම්බන්ධයෙන්.

එමෙන් ම තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් වනිදු හසරංගට හිමි වූ බවයි වාර්තා වෙන්නේ.

නෙදර්ලන්තය සමඟ පැවති තරඟයේ දැවී ගිය වනිඳු හසරංග නැවත ක්‍රීඩා මණ්ඩපයට පැමිණි පසු පිත්තෙන් හතරේ සීමාවට පහර දෙමින් ආක්‍රමණශීලී හැසිරීමක් පෙන්නුම් කළේය.

එහිදී ඔහු ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.2 වගන්තිය උල්ලංඝනය කර ඇති බැවින් ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම නිල අනතුරු ඇගවීමක් ද ඔහුට එරෙහිව ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ. මාස 24 ක කාලයක් ඇතුළත ඔහුගේ විනය වාර්තාවට ඇතුළත් කෙරුණු දෙවැනි දඩුවම් ලකුණ මෙයයි. සිය වරද හා තරග තීරක Shaid Wadvalla විසින් ලබා දුන් දඩුවම වනිදු විසින් පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය පිළිබද වැඩිදුර විභාගයක් සිදු නොකරන බව අයි.සී.සීය සදහන් කළා.

ක්‍රීඩකයෙකුගේ විනය වාර්තාවේ මාස 24 ක කාලයක් තුළ දී දඩුවම් ලකුණු ප්‍රමාණය 4 ක් හෝ ඊට වැඩි වුවහොත් එම ක්‍රීඩකයා තරග තහනමකට ලක් කෙරෙනවා.

පළමු මට්ටමක වරදක් සිදු කිරීමේ දී ක්‍රීඩකයෙකුට එරෙහිව අවම වශයෙන් නිල අනතුරු ඇගවීමක් සිදු කිරීම හෝ උපරිම වශයෙන් තරග ගාස්තුවෙන් 50% ක දඩ මුදලක් නියම කිරීමට හැකියාව පවතින අතර, දඩුවම් ලකුණු එකක් හෝ 2ක් ද පනවනු ලබනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago