ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී එක්දින ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම්හි පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
නවසීලන්තයට එරෙහිව ඊයේ(3) නිමා වූ එක්දින තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කරමින් ඇය දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි චමරි මෙලෙස පිතිකාරිණියන් අතර පෙරමුණට පත්ව ඇත්තේ.
ඒ අනුව මෙතෙක් එක්දින පිතිකාරිණියන් අතර පෙරමුණේ පසු වූ ඔස්ට්‍රේලියාවේ Beth Mooney ට මේ වන විට හිමිව ඇත්තේ දෙවැනි ස්ථානයයි.
ඇයට ශ්‍රේණිගත ලකුණු 754 ක් හිමියි. චමරි අතපත්තු මේ වන විට හිමි කර ගෙන සිටින ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 758 ක්. චමරි අතපත්තු නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේ දී නොදැවී ලකුණු 108 ක් වාර්තා කළ අතර, දෙවැනි තරගයේ දී පළමු පන්දුවෙන්ම දැවී ගියා.
කෙසේවෙතත්, තෙවැනි තරගයේ දී පන්දු 80 කින් ඇය නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 140ක්.
ඒ අනුව මෙම තරගාවලියේ දී චමරි ලකුණු 248 ක් වාර්තා කිරීම කැපී පෙනුණා.
ශ්‍රී ලංකාව මෙම තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත් අතර, එය නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ පළමු තරගාවලි ජයග්‍රහනයයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…