ක්‍රිකට්

බටහිර ඉන්දීය කොදෙව් ප්‍රබලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඉවතට !

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් හා වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කරන අවසන් තරග දෙක සදහා ක්‍රීඩා නොකරන බව එරට ක්‍රිකට් ආයතනය පවසනවා.

ඔවුන් දෙදෙනා යළි සිම්බාබ්වේ සිට සිය රට බලා පිටත්ව යන බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. ඒ අනුව තරගාවලියේ සුපිරි 6 වටය යටතේ අද (5) පැවැත්වීමට නියමිත ඕමානයට එරෙහි තරගය හා එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි තරගය සදහා ඔවුන් දෙදෙනා ක්‍රීඩා කරන්නේ නැහැ.

කාර්යය බහුල ජාත්‍යන්තර තරග කාලසටහන හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ ක්‍රීඩා කටයුතු කලමණාකරණය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.

කොදෙව් කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලියක් එළඹෙන 12 වැනිදා Dominica හී දී ආරම්භ වීමට නියමිත අතර, ප්‍රධාන වශයෙන් එම තරගාවලිය අරමුණු කර ගනිමිනුයි කොදෙව් ක්‍රිකට් ආයතනය ඔවුන් දෙදෙනාව සුපිරි 6 වටයේ ඉදිරි තරග දෙකෙන් ඉවත් කර ඇත්තේ.

සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව කොදෙව් කණ්ඩායම මෙතෙක් කිසිදු ප්‍රසාද ලකුණක් හිමි කර ගෙන නැහැ.

ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ රැදී සිටිනවා. ඒ හේතුවෙන් 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද කොදෙව්වන්ට අහිමි වුණා.

ඒ අනුව ඉදිරි තරග දෙකේ ප්‍රතිපල ඔවුන්ට කිසිදු බලපෑමක් සිදු නොකරන බැවින් මෙලෙස ජේසන් හෝල්ඩර් හා අල්සාරි ජෝසප් සංචිතයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago