ද්විත්ව වොට්ල් කැසෝවාරි පක්ෂීන් (Double-wattled Cassowary) තිදෙනෙකු තායිලන්තයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා.
ඒ සත්ව හුවමාරු වැඩසටහන යටතේයී.
මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි MH179 මැලේසියානු ගුවන් යානයෙන් මෙම පක්ෂීන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබුවා.
Cassowary කුරුල්ලන් අඩි පහක් පමණ උසට වැඩෙන අතර බර කිලෝග්‍රෑම් 60 ක් පමණ වනවා.
ඔවුන්ගේ මුහුණේ පෙනුම සහ හැසිරීම් රටාවන් හේතුවෙන් ‘ලෝකයේ භයානකම කුරුල්ලා’ ලෙස මෙම කුරුළු වර්ගය ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.
මෙම පක්ෂීන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත යොමු කර ඇති අතර සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව විසින් වඳුරන්, කැලෑ කුරුල්ලන් සහ සර්පයන් ඇතුළු විවිධ සත්ත්ව විශේෂ අපනයනය කිරීමට ද සූදානම් වනවා
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…