ලංකාව තුළ ICCPR පනත අවභාවිතය වැලැක්වීම සඳහා මහාධිකරණය දුන් වටිනා තීන්දුව !

දින 38කට පසු නතාෂා එදිරිසූරියට ඇප ලැබුණේය. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොවේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (05) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී වෛරී ප්‍රකාශ නිකුත් කරමින් බුදු දහමට අපහාස කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින නතාෂා එදිරිසූරිය යළිත් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ඊයේ (05) කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළේය. එම ඇප අයදුම්පත අද කොළඹ මහාධිකරණයේ දී සලකා බැලුවේය. ඒ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ ය.

මහාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ප්‍රකාශ කළේ ඉකුත් අප්‍රේල් මස කොළඹ පැවති මෝඩාභිමානය නැමැති වැඩසටහනක දී සැකකාරිය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාස කළේ යැයි චෝදනා කර අත්අඩංගුවට ගෙන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුති පනත (ICCPR) යටතේ ඇය රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවය.

ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක්වන සැකකාරි සිදුකළ ප්‍රකාශ තුළින් බුදු දහමට හෝ බෞද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොවූ බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

නමුත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇතිවූයේ නම් ඒ සම්බන්ධව ඇය සමාව ඇයැද සිටින බවද ඔහු අධිකරණයට දැන්වූයේ ය.

අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම තැනැත්තිය මෝඩාභිමානය වැඩසටහන් තුනක් පවත්වා ඇති අතර තුන්වැනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු සමයට නිග්‍රහ කිරීමට බවය. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ යැයි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කීවේය.

අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් නතාෂාගේ මානසික රෝගී තත්ත්වයක් පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ වර්ෂ 2017 සිට විශාදය රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා, සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවයන් පෙන්නුම් කරන බවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති සැකකාරිය ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට යෑම කොපමණ භයානකදැයි තේරුම් ගත යුතු බවය.

ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්ත බවත්, අසභ්‍ය හා අශ්ලීල වචන සරල කරමින් සමාජගත කිරීම ඇය සිදුකර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේය.

තවද මෙවැනි වීඩියො පට YouTube නාලිකාවක උඩුගත කර ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14ක පමණ ආදායමක් උපයාගෙන ඇති බව කිසියම් ලේඛණයක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඔහු පැවසුවේය.

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි එවර එක් ප්‍රශ්නයක් ඇසුවේය.

“එලෙස උපයා ගන්නා ආදායම නීති විරෝධී ද?” අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට ප්‍රකාශ කළේ එලෙස මුදල් උපයා ගැනීම නීති විරෝධී නොවන බවය. අනතුරුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම වටිනා විග්‍රහය සිදුකළේ ස්වකීය තීන්දුව ප්‍රකාශ කිරීමට පෙරය. මෙම තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධව තමන්ටත් ගැටලුවක් ඇති බව කී විනිසුරුවරයා එසේ නමුත් යමක් ඉදිරිපත් කළ පමණින් එය වෛරී ප්‍රකාශයක් වන්නේ කෙසේ දැයි විවෘත අධිකරණයේ දී  විමසා සිටියේය.

විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තියන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුලුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නේ කොහොම ද? බුදු රජානන්වහන්සේ පවා තමා යමක් කී පමණින් එය විශ්වාස නොකරන ලෙසත් හොඳින් සොයා බලා යමක් විශ්වාස කරන ලෙසත් දේශනා කරලා තියනවා.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුති පනත පනතේ (ICCPR) 3(1) වගන්තිය යටතේ සඳහන් “වෛරී ප්‍රකාශ” යන්න අර්ථකථනය කිරීමට සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ නිර්නායක සමගයි.

එසේ නොකොට භික්ෂූන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමනින් වෛරී ප්‍රකාශ යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය මතුවෙනවා.

අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා කීවේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇතිවූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.

නතාෂා එදිරිසූරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය වන්නේ නැති බවත් ඇය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසත් කොළඹ මහාධිකරණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියා.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago