බංගලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබේ.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට මාස 3ක් තිබියදී ඔහු ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් විචාරකයින් පුදුමය පළකර ඇත.
මාධ්‍ය අමතමින් ඉතා සංවේදී වූ තමීම් ඉක්බාල් පැවසුවේ,
“මෙය මගේ අවසානය. මම උපරිමයෙන් රට වෙනුවෙන් දුන්නා. ඒ වගේම උපරිමය දෙන්න උත්සාහ කළා. මම මෙතැන් සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙනවා.”
ඊයේ ඇෆ්ගනිස්ථානය සමග පැවති පළමු එක්දින තරගය ඔහුගේ අවසාන ජාත්‍යන්තර තරගය බවද තමීම් ඉක්බාල් පැවසීය වසර 16ක් පුරා බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ තමීම් ඉක්බාල් එක්දින තරග 241කදී ලකුණු 8313ක් රැස්කරගෙන තිබුණි.
එසේම ටෙස්ට් තරග 70කදී ඔහු ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 5134කි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…