ක්‍රිකට්

ස්කොට්ලන්තයට එරෙහිව පෙරළිකාර ජයක් ලබමින් නෙදර්ලන්තය ලෝක කුසලානයට සුදුසුකම් ලබයි !

බැස් ද ලීඩා දවා ගත් කඩුලු 5 හා වාර්තා කළ සුපිරි ශතකය හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම අද(6) සමත්වුණා.

ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 28 වැනි තරගයෙන් ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු 4 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

සිම්බාබ්වේහි බුලවායෝ හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 277 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දුවාර 42.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ස්කොට්ලන්තය අභිබවා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමටනම් නෙදර්ලන්තය මෙම තරගය පන්දුවාර 44 කදී ජය ගත යුතු වුණා.

ඒ, සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව ස්කොට්ලන්තයේ ශුද්ධ ලකුණු වේගය නෙදර්ලන්තයට වඩා තරමක් ඉහළ අගයක් ගෙන තිබූ බැවින්. එවැනි පසුබිමක බැස් ද ලීඩා පන්දු 92 කින් ලකුණු 123 ක් රැස් කරමින් සිය කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය කරා රැගෙන යාමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 5 ක් හා හතරේ පහර 7 ක් ඇතුළත්. නෙදර්ලන්තය වෙනුවෙන් වික්‍රම්ජිත් සිං ලකුණු 40 ක්, සකිබ් සුල්ෆිකාර් නොදැවී ලකුණු 33 ක් හා නායත ස්කොට් එඩ්වර්ඩ්ස් ලකුණු 25 ක් ලබා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 52 කට දවා ගැනීමට ද බැස් ද ලීඩා සමත් වීම කැපී පෙනුණා. තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ ද ඔහුයි. ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ බ්‍රෙන්ඩන් මැක්මලන් ලකුණු 106 ක් රැස් කළා. ඒ, හයේ පහර 3 ක් හා හතරේ පහර 11 ක් සමගින්.

මෙම ජයත් සමග සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයේ දී ශ්‍රී ලංකාව සමගින් තරග වදින්නේ ද නෙදර්ලන්ත කණ්ඩායමයි.

ඒ අනුව තරගාවලියේ ලකුණු සටහන් මේ වනවිට සකස් වී ඇත්තේ මෙලෙසින්,

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago