අධ්‍යාපනික

උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවයි – අයදුම් කරන ආකාරය මෙන්න !

අපොස උසස් පෙළ විභාගයට (2023) පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඊයේ (7) සිට මේ මස 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

සියලුම අයුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic යන එම දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම ‘DoE ’ වෙත පිවිස උපදෙස් හොදින් කියවා නිවැරදි මාර්ගගත ක්‍රමයට අයදුම්පත් යොමුකළ යුතු බවත් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසු සිසුවියන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා මගින් ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද, අයදුම්පත් යොමුකළ යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්ට දී ඇති පරිශීලක නාමයන් සහ මුරපද භාවිතයෙන් අයදුම්පත් යොමුකළ යුතු බව කියන විභාග දෙපාර්තමේන්තුව පෞද්ගලික අයදුම්කරුවන් සිය ජාතික හැදුනුම්පත් අංකය භාවිත කර අයදුම්පත් යොමුකළ යුතු බව ද සඳහන් කරයි.

සියලුම අයදුම්කරුවන් අයදුම්පත ඉදිරිපත් කිරීමෙන් පසුව එහි මුද්‍රිත පිටපතක් අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට සුරක්‍ෂිතව තබාගත යුතු බවත් පසුගිය වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින සිසු සිසුවියන් ද නැවත විභාගයට පෙනී සිටීමට අපේක්‍ෂා කරන්නේ නම් මේ මස 28 වැනිදාට පෙර අයදුම්පත් යොමුකළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

අයදුම්පත් යොමු කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර අවශ්‍ය නම් 1911 සෘජු දුරකථනය, 0112784208, 0112784537 සහ 0112786616 හෝ එම දෙපාර්තමේන්තුවේ පොදු දුරකථනවලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago