පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු අද (08) අළුයම සියදිවි හානි කරගැනීමට තැත් කිරීමේදී එම උත්සාහ ව්‍යර්ථ වී තුවාල ලබා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර තිබේ.
අද අළුයම එකට පමණ සේනක බිබිලේ නේවාසිකාගාරයේ දෙවන මහලේ කාමරයකදී සිසුවා සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී බිම ඇදවැටී තුවාල ලැබ සිටි ඔහුව සිසුන් විසින් රෝහල් ගත කර ඇති බව පොලිසිය කියයි.
මඩකලපුව ප්‍රදේශයේ පදිංචි මෙම 25 හැවිරිදි සිසුවා ඊයේ රාත්‍රියේ සෙසු සිසුන් සමඟ රාත්‍රී ආහාර ගැනීමට පිටතට ගොස් නැත.
සෙසු සිසුන් ඔහුට ආහාර රැගෙන පැමිණ කතා කරන අවස්ථාවේ දොර වසා තිබී ඇත.
අනතුරුව සිසුන් අසල ජනේල වලින් කාමරයට ඇතුළු වී සෝදිසි කිරීමේදී මෙම සිසුවා බිම ඇද වැටී සිටින අයුරු දැක ඔහුව රෝහල් ගත කර තිබේ.
අභ්‍යන්තර තොරතුරුවලට අනුව මේ සිසුවා ඉකුත් වසරේ නවක සිසුන් පිරිසකට අන්තර්ජාලය හරහා අසභ්‍ය දර්ශන පෙන්වමින් නවක වදය ලබා දීමට කටයුතු කළ සිසුන් කණ්ඩායම පිළිබඳ සිදුකළ විමර්ශනයේ දී හඳුනාගත් සිසුන් සිව් දෙනාගෙන් කෙනෙකි.
එම සිසුන් සිවු දෙනා නවක වද සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර සිසුන් තිදෙනෙක් මෙම පරීක්ෂණයට මුහුණ දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇත.
එහෙත් මෙම සිසුවා මේ වෙන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් නැති බව දැනගන්නට තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…