නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී පුජ්‍ය පල්ලේගම සුමන හිමියන්ට, තරුණියකට සහ කාන්තාවකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් අට දෙනකු අද (08) දින අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි.
තමන් ඥාති කාන්තවක් සහ ඇයගේ දියණිය සමග නිවසක් තුළ සිටි අවස්ථාවේදී බලහත්කාරයෙන් එම නිවසට ඇතුළු වූ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් තමන්ට සහ අනෙක් දෙදෙනාට පහර දී නිවසේ තිබූ ගෘහ භාණ්ඩවලට හානි සිදු කළ බවද එම චීවරධාරියා විසින් සිදුකල පැමිණිල්ලක් මත මීට පෙර දිනකදී සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන පොලිස් ඇපමත මුදා හැරිය බවද පොලිසිය පවසයි.
මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ටිරාන් අලස් ද අදාල සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර තිබුණි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වේ.
අදාළ සිදුවීම මින් පෙර විහාරස්ථානය තුළදී සිදුවූ වුවක් ලෙස වාර්තා වුවද පොලිස් ආරංචි මාර්ග තහවුරු කර සිටියේ නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී මෙය සිදුවී ඇති බවයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…