ශ්‍රී ලංකා

ලේක් හවුසියට සහ සිළුමිණ ක්‍රීඩා මාධ්‍යවේදී ෆවුස් මොහොමඩ්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් වාරණයක් ගනී !

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන්වන කරුණු සහ ප්‍රකාශ ප්‍රචාරය කිරීම සහ ප්‍රසිද්ධියට පත් කිරීමෙන් සිළුමිණ පුවත්පත, www.silumina.lk වෙබ් අඩවිය සහ ඊට අදාළ සමාජ මාධ්‍ය ගිණුම් වළක්වමින් කොළඹ දිසාධිකරණය විසින් වාරණ නියෝග තුනක් නිකුත් කර තිබේ.

සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදියෙක් වන ෆවුස් මොහොමඩ්ට සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා විසින් ගොනු කර ඇති පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝග කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කර තිබේ.

සිළුමිණ පුවත්පතේ සහ එම වෙබ් අඩවියේ පළවූ පුවතකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ උප සභාපති විසින් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩුව ගොනු කර තිබුණි.

එම පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්වන ෆවුස් මොහොමඩ්ට සහ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මෙහි විත්තිකරුවන් ලෙස නම් කර සිටිති.

ඉකුත් ජූනි මස 26 වැනිදා එම නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය ඔවුන් ඉල්ලා සිටි වාරණ නියෝග තුනක් නිකුත් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වන නඩුව විභාග කර අවසන් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ එහි නිලධාරීන් සම්බන්ධයෙන් වන කරුණු ප්‍රකාශ සහ ඔවුන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ පළ කිරීම වළක්වා තිබේ.

මෙම වාරණ නියෝග සිළුමිණ පුවත්පත, www.silumina.lk වෙබ් අඩවිය සහ මෙහි විත්තිකරුවන් විසින් පවත්වා ගෙන යන සියලුම සමාජ මාධ්‍ය ගිණුම්වලට අදාළ වේ.

මෙම නඩුවට අදාළ විරෝධතා සහ පිළිතුරු ජූලි මස 10 වැනිදා හෝ ඊට පෙර ගොනු කරන ලෙස නියම කර තිබේ. නීතිඥ සංජේ ෆොන්සේකාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ කුවේරා ද සොයිසා සහ පසිඳු බණ්ඩාර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිට ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago