සහන් ආරච්චිගේ වාර්තා කළ අර්ධ ශතකය හා ඩිල්ෂාන් මදුෂංකගේ මෙන්ම 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් මහා තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 128 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (9) සමත් වුණා.
සිම්බාබ්වේ හි හරාරේ නුවර පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී පන්දුවාර 47.5 ක් අවසානයේ ලබා ගත හැකි වූයේ ලකුණු 233ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත ඉනිමේ සියලු දෙනා පන්දුවාර 23 පන්දු 3 ක් අවසානයේ දී ලකුණු 105 කට දවා ගනිමින් අපරාජිතවම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ශ්‍රී ලංකාව අඛන්ඩව වාර්තා කළ 10 වැනි එක්දින තරග ජය මෙය වීම විශේෂත්වයක්. මීට පෙර ශ්‍රී ලංකාව අවස්ථා දෙකකදී එලෙස අඛණ්ඩව එක්දින තරග 10 බැගින් ජය ගෙන තිබුණා.
අද තරගයේ දී නෙදර්ලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ මැක්ස් ඔඩොවුඩ්. ඔහු ලකුණු 33 ක් රැස් කළ අතර, ලෝගන් වෑන් බීක් නොදැවී ලකුණු 20යි. වික්‍රම්ජිත් සිං ලකුණු 13 කට දැවී ගියා. වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කළේ නැහැ. පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 31 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ඩිල්ෂාන් මදුෂංක ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගත්තා. වනිදු හසරංග කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 35 ක් ලබා දෙමින්.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 39 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක හා සධීර සමරවික්‍රම සමත් වුණා. සධීර ලකුණු 19 කටත්, නිස්සංක ලකුණු 23 කටත් දැවී ගියා. අනතුරුව කුසල් මෙන්ඩිස් හා සහන් ආරච්චිගේ තෙවැනි කඩුල්ල සදහා පන්දු 77ක් තුල ලකුණු 72 ක සම්බන්ධතාවයක් ද, සහන් ආරච්චිගේ හා චරිත් අසලංක සිව්වැනි කඩුල්ල සදහා පන්දු 75ක් කඩුල්ලේ හිඳිමින් ලකුණු 64ක සම්බන්ධතාවයක් ද ගොඩ නමින් ශ්‍රී ලංකා ඉනිම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාම වෙනුවෙන් පදනම සකස් කළා.
මෙන්ඩිස් ලකුණු 43 ක් ද, සිය මංගල එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය වාර්තා කළ සහන් ලකුණු 57 ක් ද රැස් කළා. අසලංක දුවද්දී දැවී ගියේ ලකුණු 36 ක් ලබා සිටියදීයි.
ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස සහන් ආරච්චිගේ මුළු ලකුණු පුවරුව ලකුණු 180 ක් ලෙස සටහන්ව තිබියදී දැවී යාමත් සමග ලකුණු 10 ක් තුළ කඩුලු 4 ක් දැවී යාම විශේෂත්වයක්.
යළි අසාර්ථක වූ දසුන් ශානක එක් ලකුණකට දැවී ගියා. අනතුරුව වනිදු හසරංග ලකුණු 29 ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 13 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. පන්දු යැවීමේ දී ලෝගන් වෑන් බීක්, රයන් ක්ලේන්, වික්‍රම්ජිත් සිං හා සකිබ් සුල්ෆිකර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
තරඟයේ වීරයා බවට පත්වුයේ නෙදර්ලන්ත කණ්ඩායමේ මුල් කඩුලු දවාගනිමින් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට හරවා ගත ඩිල්ශාන් මධුශංක.
තරඟාවලියේ වීරයා බවට පත්වූයේ පිත්තෙන් ලකුණු 600ක් ලබාගනිමින් කඩුලු තුනක් දවා ගත සිම්බාබ්වේ කණ්ඩායමේ ෂෝන් විලියම්ස්
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…