අධ්‍යාපනික

සිය දිවි නසා ගැනීමට උත්සාහ කළේ CID ගෙන්වා කළ පහරදීමෙන් පසුවයි – පේරාදෙණිය සරසවියේ සිසුවා සියල්ල වමාරයි !

ඊයේ (08) අළුයම සරසවි නේවාසිකාගාරයේ විදුලි පංකාවක එල්ලී මිය යෑමට උත්සාහ කර ඇති සිසුවා එසේ මිය යෑමට තීරණය කර ඇත්තේ පසුගිය 07 වැනිදා නවක වදය සිද්ධියක් සම්බන්ධව ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා එහි නිලධාරීන් විසින් සිදුකළ දැඩි පහර දීමෙන් පසු බව දන්වා ඔහු පොලිසියට ප්‍රකාශයක් ලබා දී තිබේ.

සිය ජංගම දුරකථනය ද සී.අයි.ඩී භාරයට ගෙන කළ පහරදීමෙන් අනතුරුව සරසවි ශිෂ්‍ය භාවය අහෝසිකර උසස් අධ්‍යාපන අවස්ථාව හමාර කරන බව තමන්ට දැන්වූ බවත් එවිට තමන්ට ජීවිතය සම්බන්ධව වෙනත් විකල්පයක් නොවූ බවත් එම සිසුවා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශ සිසුවා විසින් පොලිසියට ලබා දී ඇත්තේ සිද්ධිය සම්බන්ධව කට උත්තර ලබා ගැනීමට පොලිස් කණ්ඩායමක් පේරාදෙණිය රෝහල වෙත පැමිණ අදාළ කටඋත්තරය සටහන් කරගන්නා අවස්ථාවේ දී ය.

මෙසේ සිය දිවි නසාගැනීමට උත්සාහ කර තිබුණේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ දෙවන වසර ඉගනුම ලබන මඩකලපුව ප්‍රධාන වීදියේ පදිංචි සී.විදුරාජිදන් නැමැති සිසුවෙකි.

පසුගිය වසරේ දී නවක සිසුන් වෙත අසභ්‍ය වීඩියෝපට යවමින් වට්ස්ඇප් හරහා නවක වදයට ලක් කීරීම සම්බන්ධව විශ්විද්‍යාල පාලන අධිකාරිය සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන ආරම්භ කර තිබිණි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

24 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago