OceanGate සමාගම සියලු මෙහෙයුම් නවතා දමයි !

අමෙරිකාවේ OceanGate සමාගම සියලු ගවේෂණ සහ වාණිජ මෙහෙයුම් දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සමාගම සිය වෙබ් අඩවියේ මේ බව නිවේදනය කර ඇත.

එම සමාගමේ ටයිටන් සබ්මැරිනය පසුගිය 18 වැනිදා අතුරුදහන් වූ අතර, අමෙරිකා වෙරළාරක්ෂක බලකාය ජූනි 22 වැනිදා නිවේදනය කළේ එය පිපිරීමකට ලක්ව ඇති බවය.

එහි සිටි OceanGate සමාගමේ විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්, බ්‍රිතාන්‍ය ගවේෂක හමිෂ් හාඩින්, ප්‍රංශ සබ්මැරීන විශේෂඥ පෝල්-හෙන්රි නර්ජොලට් සහ පකිස්තාන-බ්‍රිතාන්‍ය අධිපති ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් ටයිටන් පුපුරා යාමෙන් ක්ෂණිකව මියගොස් ඇතැයි අනුමාන කෙරේ.

ගැඹුරු සාගර පත්ලේ තිබී සොයාගත් සුන්බුන් වලින් අනුමාන කළ මිනිස් අවශේෂ සොයා ගැනීමට පසුගිය සතියේ නැගෙනහිර කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් හි ශාන්ත ජෝන් වරාය වෙත රැගෙන ගියේය.

ටයිටන් සබ්මැරිනය පුපුරා ගියේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට පරීක්ෂණයක් සිදුවෙමින් පවතී.

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ නායකත්වයෙන් යුත් බලධාරීන් පැවසුවේ අනාගතයේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ බවයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago