රටේ සියළු මුලික නීති කඩකරමින් දින 20ක් පුරා විල්පත්තු මායිමේ සංවිධානය කර ඇති අවුරා ලංකා සංගීත ප්‍රසංග මාලාවට එරෙහිව වූ පිරිසක් රාජාංගන පොලීසිය වෙත ගෙන්වීමට කටයුතු කර තිබෙනවා.
අවුරා ලංකා සමාගම විසින් කළ පැමිණිල්ලකට අදාළවයි ඔවුන් කැඳවා ඇත්තේ. සිය ප්‍රසංග මාලාවට එරෙහිව මෙම පිරිස කටයුතු කරන බවයි එම සමාගම පොලීසියට යොමුකළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.
මෙලෙස ගෙන්වා ඇත්තේ රාජංගනයේ ගොවි සංවිධාන, ගම සුරැකීමේ සංවිධානය, සහ ප්‍රදේශයේ බහුජන සංවිධාන ක්‍රියාකාරිකයින් පිරිසකි.
කෙසේ නමුත් අධිකරණ නියෝග කඩකරමින්, වනජීවි කලාපයක් තුළ, වනජීවි ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී අඩුම තරමේ ශබ්දවිකාශන භාවිතය සඳහා අවසරවත් නොගෙන සිදුකරන්නට සැර යන මේ නීති විරෝධී සැණකෙළියට එරෙහිව ගොවි සංවිධාන සහ බහු ජන සංවිධාන නියෝජ්‍ය පොලිස්පතිවරයාට, පොලිස් අධිකාරීවරයාට සිදුකළ පැමිණිලිවලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඇති බවයි වාර්තා වන්නේ.
එම සංවිධාන සඳහන් කරන්නේ මීට පෙර අදාළ සමාගමට සිදුකළ පැමිණිල්ලට කිසිඳු ප්‍රතිචාරයක් නොදැක්වූ පොලීසිය එම සමාගම විසින් සිදුකළ පැමිණිල්ලට වහා ක්‍රියාත්මක වීම පුදුම සහගතම කරුණක් බවයි.
මේ අතර අවුරා ලංකා සංගීත ප්‍රසංග මාලාව ඊයේ (10) රාජාංගනයේ දී ආරම්භ වූ අතර ප්‍රසංග මාලාව ලබන 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…