ශ්‍රී ලංකා

පාස්කු ප්‍රහාරයේ වන්දියෙන් කොටසක් මෛත්‍රී ගෙවා දමයි !

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සිදුකළ මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව ඒ මහතා විසින් වන්දි වශයෙන් රුපියල් මිලියන 15ක මුදලක් ගෙවා ඇති බව වාර්තා වනවා.

පසුගිය ජනවාරි 12 වනදා අගවිනිසුරු ජයන්ත ජයසුරිය ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය සත්පුද්ගල විනිසුරු මඬුල්ල ඒකමතිකව තීන්දුවක් දෙමින් අදාළ වන්දි මුදල් මාස 6ක් ඇතුළත ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයාට නියෝග කළා.

මේ අනුව මාස 6ක කාලය අද (12) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා. ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පරිදි වන්දි මුදල් පරිදි නොගෙවීම සිදුනොකළහොත් එය අධිකරණයට අපහාස කිරීමක් ලෙසයි.

බුද්ධි තොරතුරු ලබා තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාරය වළක්වා නොගැනීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අය වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වෙනුවෙන් පාස්කු ප්‍රහාරවල වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස පසුගිය ජනවාරි 12 වනදා නියෝග කළා.

මේ අනුව පාස්කු ප්‍රහාරවල වන්දිතයින්ට රුපියල් කෝටි 10ක වන්දියක් ගෙවන ලෙස හිටපු ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago