ජන හා නිවාස සංගණනයක් – ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක් !

2023 – 2024 වර්ෂවලදී මෙරට ජන හා නිවාස සංගණනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

මෙරට 15 වන ජන හා නිවාස සංගණනය 2021 වර්ෂයේ පැවැත්වීමට නියමිතව තිබුණි.එහෙත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය කල්දැමීමට රජය පියවර ගත්තේය.

මෙරට ප්‍රථම ජන හා නිවාස සංගණනය 1871 වසරේදී සිදුකර ඇති අතර අවසන් වරට 2012 වසරේදී ජන හා නිවාස සංගණනයක් පවත්වා තිබේ.සෑම දස වසරකට වරක් ජන හා නිවාස සංගණනයක් සාමාන්‍යයෙන් සිදුකෙරේ.

එමෙන්ම ජන හා නිවාස සංගණනයේ ලැයිස්තුගත කිරීමේ කටයුතු ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල සිදු කරන බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් P.M.P අනුර කුමාර මහතා පවසනවා. 

වගීෂා විතානගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago