ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අනුරාධපුරය සහ ඕමන්තය අතර දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි මාසයේ දී වසා තැබීමට පියවර ගැනුණි.
ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදුකළ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ.
ඒ අනුව අද දිනයේ එම මාර්ගයේ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක් සිදුකිරීමට නියමිත අතර ඊට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද එක්වීමට නියමිතය.
මෙම දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමත් සමග කොටුව – කන්කසන්තුරය දක්වා සාමාන්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත් මහව සහ අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයද ඉදිරියේ දී අලුත්වැඩියා කිරීමට නියමිත අතර එම කාලය තුළ කොටුව සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය නතර කිරීමට සිදුවනු ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…