ශ්‍රී ලංකා

සෞඛ්‍ය ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ?

රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය පක්ෂය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි ද සිය පක්ෂයේ අවධානය යොමුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේය.

විපක්ෂනායකවරයා සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් පළකර තිබුණි.

මේ අතර වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය චමල් සංජීව මහතා පැවසුවේ පිළිකා රෝගීන් සඳහා ගුණාත්මකභාවයෙන් අඩු ශෛල්‍ය උපකරණ භාවිත කරන බවට මේ වනවිට තොරතුරු වාර්තාවී ඇති බවය.

මේ අතර උදරාබාධයක් හේතුවෙන් පේරාදේණිය රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගිය 21 හැවිරිදි තරුණියගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබේ. උදරාබාධ තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ එම තරුණියට එන්නත් දෙකක් ලබාදී ඇති අතර ඉන්පසු ඇතිවු සංකූලතා හේතුවෙන් ඇය මියගිය බවට පවුලේ ඥාතීන් චෝදනා කරයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උදය රලපනාව ප්‍රකාශ කළේ එන්නත් ලබාදීමත් සමග ඇතිවූ යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් හටගත් කම්පනයක් මත තරුණිය මියගිය බවට නිරීක්ෂණය වන බවය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago