සෞඛ්‍ය

කෘතිම සිසිල් බීම ගැන එළියට ආ භයානක හෙළිදරව්ව !

සිසිල් බීමවල බහුලව භාවිතා වන කෘතිම රසකාරකයක් වන aspartame මිනිසුන්ට පිළිකා කාරක විය හැකි රසකාරකයක් ලෙස වර්ගීකරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) කණ්ඩායම ප්‍රංශයේ පැවති රැස්වීමකදී aspartame පිළිකා කාරකය පිළිබඳව ප්‍රථම වරට ඇගයීමක් සිදු කර තිබෙනවා.

IARC කණ්ඩායම aspartame මිනිසුන්ට පිළිකා කාරකයක් ලෙස වර්ගීකරණය කළ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලැබී ඇති සාක්ෂි මත පදනම්ව එය අක්මාවේ පිළිකාවක් වන hepatocellular පිළිකාවට වර්ධනය කරන පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

IARC හි Mary Schubauer-Berigan පැවසුවේ hepatocellular පිළිකා සඳහා සීමිත සාක්ෂි එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල් 10ක සිදු කරන ලද අධ්‍යයන තුනකින් ලැබුණු බවයි.

අක්මාව ආශ්‍රිත පිළිකා පරීක්ෂා කළ එකම වසංගත අධ්‍යයනය මෙය වන බවයි ඇය සඳහන් කරන්නේ.

පසුගිය මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ සීනිවලට විකල්පයක් ලෙස භාවිතා කරන කෘත්‍රිම රසකාරක, බර අඩු කර ගැනීමට උපකාරී නොවන අතර බරපතල සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය කමිටුව සීනිවලට විකල්පයක් ලෙස භාවිතා කිරීමට එරෙහිව උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.

පැණිරස නිෂ්පාදන පරිභෝජනය කිරීම සම්පූර්ණයෙන්ම සීමා කරමින් ජලය පානය කිරීම මගින් සෞඛ්‍යමත් ජිවිතයක් ගත කළ හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago