සෞඛ්‍ය

පේරාදෙණියේ දී මිය ගිය තරුණියට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධයම විස වී නුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ගත් කාන්තාවක් දැඩි සත්කාර ඒකකයේ !

උදරාබාධයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලබා දුන් කෙෆ්‍රිඇක්සෝන් (Ceftriaxone) ප්‍රතිජීවක ඖෂධය අසාත්මික වීම නිසා මරණයට පත්වුන පොත්තපිටිය තරුණ දියණියගේ මරණයෙන් පසු එම ඖෂධයම ලබා දීම නිසා අසාත්මිකතාවයට මුහුණ දුන් කාන්තාවක් මහනුවර ජාතික රොහලේ දැඩිසත්කාර එක්කයේ ප්‍රතිකාර ගනිමින් සිටින බව සමස්ථ ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳආරච්චි පැවසීය.

මෙම මාරාන්තික අසාත්මිකතාවයට ලක් වී ඇත්තේ මහනුවර ජාතික රෝහලේ වාට්ටු අංක 31හි ප්‍රතිකාර ගනිමින් සිටි එම්.ජී අනුලාවතී නැමැති කාන්තාවකි.

එන්නත ලබා දීමෙන් අනතුරුව මරනාසන්න අසාත්මිකතාවට පත් කාන්තාවට පසු ප්‍රතිකාර ලබා දී මරණයෙන් ගලවා දැඩි සත්කාර ඒකකට ඇතුළු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන ඇත.

පේරාදෙණිය රෝහලේ දී මරණයට පත් වුන චමෝදි සංදීපනි මධුෂිකා ජයරත්න තරුණ දියණියගේ මරණය ගැන කළ පැහැදිලි කිරීමේ දී වෛද්‍ය විශේෂඥයන් කීවේ ඉතා කළාතුරකින් මෙවැනි අසාත්මිකතා වාර්තාවන බවත් එයට කළ හැකි දෙයක් නොමැති බවත්ය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago