මාරාන්තික හා ත්‍රාසජනක ක්‍රියාවල නිරත වන ලෙසට විධාන ලැබෙන වීඩියෝ ක්‍රීඩාවක නිරත කිළිනොච්චිය විශ්වවිද්‍යාලයේ සිසුවකු අවසානයේදී බියට පත්ව ගෙළ වැළලාගෙන ඊයේ (15) මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ පන්නෙයි ප්‍රදේශයේ පදිංචි සුබරාජා එෂිල්නාත් (22) නැමති සිසුවෙකි.
ඔහු සිය නිවසට පැමිණ සිටින අවස්ථාවක දී එම වීඩියෝ ක්‍රීඩාවේ නිරතව සිට ඇති අතර යම් විධානයක් නිසා ඔහු බියට පත්ව මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවට සාක්කි ලැබී තිබේ.
එම වීඩියෝ ක්‍රීඩාවල ස්වභාවය වන්නේ තමන් වෙත ලබා දෙන විවිධ අභියෝගවලට මුහුණ දෙමින් එම ක්‍රියාවල නිරත වෙමින් ඉදිරියට ගමන් කිරීමය.
මේ අන්දමටම වූ වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ යාපනයේ එක් විදුහලක සිසුවෙකු විදුහලේ තට්ටු ගොඩනැගිල්ලෙන් පහතට පැන තුවාල ලබා සිටියේ මීට මාස හතකට ඉහතදීය.
කිළිනොච්චිය විශ්ව විද්‍යාල සිසුවාට ද එම ඉරණම ම අයත් වී තිබූ අතර ඔහු ඔහුට ලබා දී තිබූ විධානය ඉටුකිරීම වෙනුවට බියට පත්ව සිය දිවි හානි කරගෙන තිබුණි.
ඔහු එම පවුලේ සිටි එකම දරුවා වන අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක එම වීඩියෝ ක්‍රීඩාවේ නිරතව මේ අන්දමට සියදිවි හානි කරගෙන ඇතැයි ද, ඊට පෙර ඔහු සිය මිතුරන්ට මේ පිළිබදව විස්තර හෙළිදරව් කොට ඇතැයි ද විමර්ශන අංශ කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…