සිංගප්පූරුවේ ප්‍රවාහන ඇමැති එස්. ඊශ්වරන් අත්අඩංගුවට !

දූෂණ කටයුත්තකට සම්බන්ධ වූ බව කියන සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍ය එස්. ඊශ්වරන් මහතා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ අතර විමර්ශන අවසන් වන තෙක් ඔහු සියලු වගකීම්වලින් නිදහස් කිරිමට එරට රජය තීරණය ඇත.

මෙම චෝදනාවට ප්‍රවාහන අමාත්‍යවරයා මෙන්ම බිලියනපති ව්‍යාපාරික ඔන්ග් බෙන්ග් මහතා ද එම චෝදනාව එල්ල වී ඇත.

එරට දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය විසින් පසුගිය 11 වැනිදා අමාත්‍යවරයා මෙන්ම බිලියලපතියා ද අත් අඩංගුවට ගනු ලැබූහ.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය ප‍්‍රකාශ කර ඇත්තේ දුෂණ ක‍්‍රියාවවලට සම්බන්ධවීම වැළැක්වීම සඳහා සිංගප්පූරුවේ අමාත්‍යවරයකුට ඉහළ වැටුපක් ගෙවන බවත් එවන් අවස්ථාවකදී අමාත්‍යවරයකු දූෂණ ක‍්‍රියාවකට සම්බන්ධ වීම කිසිසේත්ම සමාව ලබා දිය නොහැකි බවත්ය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු විමර්ශන කටයුතු අවසන් වන තෙක් අමාත්‍යවරයා ඇප මත මුදාහැරීමට දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය කටයුතු කර ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය එම කාර්යාංශය බාරයට ගෙන ඇත.

ප‍්‍රවාහන අමාත්‍යවරයා දුෂණ සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශනයකට සහාය ලබා දුන් බවත් ඉන් අනාවරණය වූ කරුණු මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකළ බවත් සිංගප්පූරුවේ දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය එරට මාධ්‍ය වෙත පවසා ඇත.

දුෂණ සම්බන්ධව සිදු කරගෙන යනු ලබන විමර්ශනයක් සම්බන්ධයෙන් ප‍්‍රවාහන අමාත්‍ය එස්.ඊශ්වරන් මහතාගෙන් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය බව පසුගිය 5 වැනිදා දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය එරට අග‍්‍රාමාත්‍ය ලී සියැන්ග් ලෝන්ග් මහතාට දන්වා ඇත.

එම ඉල්ලීමට ඉඩ දෙමින් අග‍්‍රාමාත්‍යවරයා පසුගිය 6 වැනිදා ප‍්‍රවාහන අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශයට අවසර ලබා දී තිබේ.

මේ පිළිබඳ ප‍්‍රකාශයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය ලී සියැන්ග් ලෝන්ග් මහතා ප‍්‍රකාශ කර ඇත්තේ ප‍්‍රවාහන අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කිරීමට පසුගිය 5 වැනිදා දූෂණ පිළිබඳ විමර්ශන කාර්යාංශය සිදුකළ ඉල්ලීමට අවසර දී ඇත.

එසේම විමර්ශනය අවසන් වන තෙක් අනිවාර්ය නිවාඩු යන ලෙස උපදෙස් දුන් බවත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍ය චී හොං ටැට් වැඩ බලන ප‍්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති බවත් අග‍්‍රාමාත්‍යවරයා පවසා ඇත.

විමර්ශනය අවසන් වන තෙක් ඔහු සියලූම තනතුරු සහ වගකීම්වලින් නිදහස් කිරීමට අග‍්‍රාමාත්‍යවරයා එරට රජයට උපදෙස් ලබා දී ඇති බව එම ප‍්‍රකාශයේ දැක්වේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago