ශ්‍රී ලංකා

එප්පාවල පොස්පේට් සමාගමට ගිය චාමර සම්පත් ඉදිරියේ ගුටි කෙළියක් (VIDEO)

එප්පාවල පිහිටි ලංකා රාජ්‍ය පෝස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්තක් සඳහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැමිණි අවස්ථාවේ එම ආයතනයේ වංචා දූෂණ කටයුතු සම්බන්ධයෙන් සේවකයින් පිරිසක් හෙළිදරව්වක් සිදු කිරීමට යාමේදී ඇති වූ උණුසුම් තත්වයකදී එහි සේවකයකු විසින් අදාළ වංචා දූෂණ සිදු කළ බවට චෝදනා කරමින් විධායක නිළධාරියකුට අමාත්‍යවරයා ඉදිරියේම අද (17) පහර දීමට කළ උත්සහයක් පොලීසියේ මැදිහත් වීමෙන් ව්‍යාර්ථ වුණා.

කෙසේ නමුත් පහර දීමට කළ උත්සහයෙන් එම විධායක නිළධාරියාගේ කමිසය ඉරි ගොස් තිබුණා.

ලංකා පෝස්පේට් රාජ්‍ය සමාගමට කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය යටතේ පවතින අතර කර්මාන්ත රාජ්‍ය අමාත්‍යයවරයා ඒ අනුව ලංකා රාජ්‍ය පෝස්පේට් සමාගමේ තෙවැනි වරටත් නිරීක්ෂණ චාරිකාවක අද (17) නිරත වුණා.

පෝස්පේට් රාජ්‍ය සමාගමට වෙත පැමිණි රාජ්‍යය අමාත්‍යවරයා පිළිගැනීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් පැවැත්වුණා.

අනතුරුව අමාත්‍යවරයා ආයතනයේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර එහිදී සේවකයින් පෙන්වා දුන්නේ ආයතනයට අවශ්‍යය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත්‍ර අමතර කොටසක් (ගියර් බොක්ස් එකක්) ගෙන්වීමෙන් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති බවයි.

අදාළ අමතර කොටස භාවිතයට ගත නොහැකි බැවින් නැවත මාරු කිරීමටද කටයුතු කර නැති බවට ඔවුන් අමාත්‍යයවරාට පෙන්වා දුන්නා.

එහිදී උණුසුම් තත්වයක් ඇති වුණා. සිදුවිමට අදාළ වීඩියෝ දර්ශන පහතින්,

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago