නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සාදයකට සහභාගි වීම සඳහා කණ්ඩායම් ප්‍රොටෝකෝලය කඩ කර ඇති බවට හිරු TV විසින් ප්‍රචාරය කරන ලද පුවතකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
‘නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන’ තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සාදයකට සහභාගී වීම සඳහා කණ්ඩායම් ප්‍රොටෝකෝල උල්ලංඝනය කර ඇති බවට උපුටා දක්වමින් 2023 ජූලි 16 වන දින හිරු TV හි පළ වූ පුවතක් මුළුමනින්ම අසත්‍ය, ගොතන ලද, සහ ද්වේෂ සහගත පුවතක් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
අදාළ ක්‍රීඩකයා ජුලි 15 වැනිදා සවස ඔහුගේ මිතුරෙකුගේ උපන්දින සාදයට සහභාගි වූයේ ඔහුට කළ ආරාධනයකට අනුව බව සඳහන් කරන බවයි එම නිවේදනයෙන් දක්වා ඇත්තේ.
උපන්දින සාදයට සහභාගි වීමට පෙර එම ක්‍රීඩකයා එම ආරාධනාව කණ්ඩායම් කළමණාකරුට දන්වා උත්සවයට සහභාගි වීමට අනුමැතිය ලබාගෙන තිබෙන බව ද එහි සඳහන්.
සාදයට සහභාගී වීමෙන් අනතුරුව, ක්‍රීඩකයා නියමිත පරිදි හෝටලයට පැමිණ ඇති අතර, එය ක්‍රීඩකයින්ට සහ කණ්ඩායම් නිලධාරීන්ට ඔවුන්ගේ හෝටල් කාමරයට පැමිණීමට කණ්ඩායම් කළමනාකාරීත්වය විසින් නියම කරන ලද වේලාවයි.
එබැවින් කළමනාකාරීත්වය විසින් නියම කර ඇති කණ්ඩායම් නීතිය පිළිබඳ කිසිදු දැනුමක් නොමැතිව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ස්වාධීනව කරුණු තහවුරු නොකර පළ කර ඇති මෙම අසත්‍ය වාර්තාව නිවැරදි කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හිරු TV වෙතින් දැඩි ලෙස ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ දැක්වෙනවා.
වැදගත් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියකට මැදිව සිටින බැවින් නියමිත නිවැරදි කිරීමක් කණ්ඩායමේ සහ එහි ක්‍රීඩකයින්ගේ කීර්ති නාමය සුරැකීමට සහ ඔවුන් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහස බව ද එහි දක්වා තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…