රාජ්‍ය නිලධරයන්ගේ ජ්‍යෙෂ්ටතාවයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ නිවාඩු ලබාගන්නා නිලධරයන්ට නිවාඩු අනුමත කරන බලධරයා සමඟ ගිවිසුමකට එළැඹීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන, අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක මහතා චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී තිබෙනවා.
මෙම ගිවිසුම් සමඟ එළැඹෙන කොන්දේසි සහ බැඳීම් උල්ලංඝනය කිරීම වරදක් වන බව අවධාරණය කරන රාජ්‍ය පරිපාලන ලේකම්වරයා, එබඳු අවස්ථාවක බලධරයන් ගනු ලබන ඕනෑම විනය හා නෛතික ක්‍රියාමාර්ගයකට නිවාඩු ලබාගන්නා නිලධාරීන්ට යටත් වීමට සිදුවන බව සඳහන් කරනවා.
එකී නිවාඩු කාලය උපරිම වසර 01 සිට වසර 05 දක්වා පමණක් ලබාදෙන බවත්, චක්‍රලේඛ මඟින් දැනුම් දී ඇති විධිවිධාන සම්පූර්ණ කිරීමට අපොහොසත් වන නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපට ඇති හිමිකම අහිමිවන බවත් හෙතෙම පවසනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…