හිස නිරාවරණය කළ කාන්තාවන් සොයා සදාචාර පොලිසිය පාරට බසී !

ප්‍රසිද්ධියේ හිසකෙස් නිරාවරණය කරගෙන සිටින සහ හිජාබය ඇතුලු ඇඳුම් පැළඳුම් නීති පිළිනොපදින කාන්තාවන් සොයා ඉරාන සදාචාර පොලිසිය සිදුකරන ඝාෂ්තේ ඉර්ෂාඩ් හෙවත් මාර්ගෝපදේශ මුර සංචාර යළි ආරම්භ කර තිබෙනවා.

ඒ, හිජාබය නොපැළඳ හිසකෙස් නිරාවරණය කරගෙන සිටි බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මහ්සා අමිනි නම් තරුණිය මියගොස් මාස 10කට පසුව බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඇයගේ මරණය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ඉරාන වැසියන් මාස ගණනක් පුරා පැවැත්වු ප්‍රචන්ඩකාරී රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ නිසා මුර සංචාර නවතා දමා තිබුණා.

මෙහිදී විරෝධතාකරුවන් 600කට ආසන්න පිරිසක් මියගිය අතර, බොහෝ ඉරාන කාන්තාවන් හිජාබය ඇදීම සම්පූර්ණයෙන්ම නවතා දමා තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago