නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද (18) සමත් වුණා.
ඒ, තරගාවලියේ 10 වැනි තරගයෙන් ඕමාන A කණ්ඩායම පරදා ලකුණු 217 ක දැවැන්ත ජයක් වාර්තා කරමින්.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8 ක් දැවී ලකුණු 259 ක් ලබා ගත්තා.
පසිදු සූරියබණ්ඩාර ලකුණු 60 ක්, සහන් ආරච්චිගේ ලකුණු 48 ක් හා ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 43 ක් රැස් කළා. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 25 කට දැවී ගියා. චාමික කරුණාරත්න ලකුණු 20 යි. නායක දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 21 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී අකිබ් ඉල්යාස් ලකුණු 58 කට කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමාන A කණ්ඩායම පන්දුවාර 17.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 42 ක් පමණයි.
කාශ්‍යප් ප්‍රජාපති ලකුණු 18 ක් හා සුරාජ් කුමාර් ලකුණු 10 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 3කට කඩුලු 3ක් දවා ගත් අතර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මදුෂාන් හා ලහිරු සමරකෝන් කඩුලු 2 බැගින් බිද හෙලුවා. සහන් ආරච්චිගේ එක් කඩුල්ලක් බිද හෙලීමට ද සමත් වුණා.
ඒ අනුව මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග තුනෙන් තරග 2ක් ජය ගත් ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් අතර, බංග්ලාදේශ A කණ්ඩායම දෙවැනි ස්ථානය දිනා ගත්තා.
තෙවැනි ස්ථානයට පත් වූ ඇෆ්ඝනිස්තාන A කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වුණා.
මෙම කණ්ඩායම් තුනම ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා ගත්ත ද, ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුවයි ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය පළමු ස්ථාන දෙක හිමි කර ගත්තේ.
තරගාවලියේ 9 වැනි තරගය ද අද පැවැති අතර, එම තරගයෙන් ඇෆ්ඝනිස්තානය (287/8) පරදා ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය (308/7) සමත් වුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…