මතුගම කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් තිදෙනකු අසනීප වීම නිසා එම රෝහලේ නේවාසික ප්‍රතිකාර නතර කිරීමට තීරණය කර ඇත. මෙම රෝහලේ වෛද්‍යවරුන් පස්දෙනකුගෙන් සමන්විත වුවද ඉන් එක් වෛද්‍යවරියක් ස්ථාන මාරු වීම් ලබා ගොස් ඇති අතර තවත් වෛද්‍යවරියක් සේවයෙන් ඉවත් වන බවට ලිපියක් ලබා දී තිබේ.
තවත් වෛද්‍යවරියක් සහ වෛද්‍යවරයෙක් අසනීප වී ලෙඩ නිවාඩු දමා ඇත.
වෛද්‍යවරුන් සිවුදෙනකුගේ සේවය දින 9ක් පුරා දිවා රාත්‍රි නොකඩවා සිදුකළ ප්‍රධාන වෛද්‍ය රංජිත් දිසානායකද අසනීප වී පෙරේදා (16) නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ නිසා බාහිර රෝගී අංශයේ පමණක් වෛද්‍ය ප්‍රතිකාර සිදුකරන අතර නේවාසික ප්‍රතිකාර නතර කිරීමට සිදුව ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේ තාවකාලිකව මෙම රෝහලේ නේවාසික ප්‍රතිකාර නතර කළ බවය.
කෙසේ වෙතත් මෙම රෝහලේ දිනකට රෝගීන් 15ත් 25ත් අතර ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අතර බාහිර රෝගී අංශයේ දිනකට රෝගීන් 150ක් පමණ ප්‍රතිකාර ලබන බව පැවසේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…