අරගලකරුවන්ට ජනාධිපති මන්දිරයේ නිළ කාමරයේ තිබී හමු වූ රුපියල් එක්කෝටි 78 ලක්ෂයකට අධික මුදල පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ විනාශ වු නිවාස හා දේපල යථා තත්ත්වයට පත් කිරීම සදහා එම පක්ෂයේ ව්‍යාපාරිකයන්ගේ අරමුදලකට එකතු වු මුදල් බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (19) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙමින් සඳහන් කර සිටියේ ඔහු ලබා දුන් දෙවන ප්‍රකාශයේ එය සදහන් බවයි.
මිරිහාන සිද්ධියෙන් පසුව ජනාධිපති මන්දිරයේ තමා පදිංචිව සිටි බවත් කැරලිකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබු ලේඛන විශාල ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇති බවත් එම ප්‍රකාශයේ සදහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවා.
තව ද ඔවුන් පවසා සිටියේ මුදල් ලැබුණු ලේඛනය මේ වනවිට අස්ථාන ගතවීම හේතුවෙන් එම මුදල් ලැබාදුන් අයගේ නම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවයි.
එම මුදල් තමාගේ බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයෙකු අයිතිවාසිකම් කියන බවට අධිකරණයට දැනුම්දීම සම්බන්ධයෙන් මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියා.
එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ එම මුදල් සම්බන්ධයෙන් සහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අදාල උදෘත මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන්නේ ද යන්න පිළිබදව නීතිපතිවරයාගෙන් කරුණු විමසන බවයි.
අධිකරණ නියෝග ප්‍රකාරව අධිකරණයේ පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂවරිය කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගෙන් ලබන 28 ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි.
හිටපු ජනාධිපතිවරයා දැනුම් දෙන ස්ථානයකට ගොස් එම ප්‍රකාශය ලබා ගන්න බව ලිපියක් මගින් දැනුම් දී තිබෙන බව ද ඇය අධිකරණයට දන්වා සිටියා.
අධිකරණයේ පෙනී නොසිටි වින්දනයක් ආරක්ෂා කිරීමේ අධිකාරියට නැවතත් නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය ඉදිරි දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…