ශ්‍රී ලංකා

මස්කෙළිය තේ වත්තක කඳුකර කොටි පැටව් දෙන්නෙක් !

මස්කෙළිය ගුලැනූජී තේ වතුයායේ, තේ පඳුරු අතර සැඟව සිටියදී හමු වු කඳුකර කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට ලබාදීමේ මෙහෙයුමක වනජීවී නිලධාරීන් යෙදී සිටිනවා.

කොටි පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාමට වනජීවී නිලධාරීන් විසින් සිදු කරන ලද මෙහෙයුම් (17) හා (18) යන දිනවල සිදු කල අතර වතුයායේ සේවය කරනු ලැබු කම්කරුවන් පිරිසක් විසින් මෙම කොටි පැටවුන් දෙදෙනා තේ පඳුරු යට සැඟව සිටියදී (17) දා සොයා ගෙන ඔවුන් එම පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට භාරදීමට පියවර ගෙන තිබුනා.

පශු වෛද්‍යවරයෙකු ප්‍රමුඛ වනජීවී නිලධාරී කණ්ඩායමක් විසින් මෙම පැටවුන් දෙදෙනා සිය කොටි මවට භාරදීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින අතර දිවා කාලයට කොටි මව විසින් මෙසේ පැටවුන් ආරක්ෂිත ස්ථානවවල සඟවා ආහාර සොයා ගැනීමට යන බවත්, ජනතාව ඔවුන් අතරමංව ඇති පැටවුන් ලෙස සිතා අල්ලා ගැනීමට කටයුතු කරන බව වනජීවී නිලධාරීන් පවසනවා.

මෙසේ මිනිසුන් ඇල්ලීම නිසා මව් සතුන් මෙම පැටවුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බවත්, කොටි මව ලබාදෙන පෝෂණය සියයට සියයක් වනජීවී නිලධාරීන්ට ලබාදීමට නොහැකි බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

තේ පඳුරු හා කුඩා කැළෑ බිම් ආශ්‍රිතව සිටියදී හමුවන කොටි පැටවුන් ඇල්ලීමට යාමෙන් වැළැකී හැකිතාත් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙසත්, එසේ වුවහොත් ඉන් අනතුරුව කොටි මව පැමිණ එම පැටවුන් රැගෙන යාමට පියවර ගන්නා බවත් වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago