ශ්‍රී ලංකා

ජනපති මන්දිරයෙන් හමුවූ මුදල් ගැන අල්ලස් කොමිසම ගෝඨාගෙන් ප්‍රශ්ණ කිරීමට සුදානමින් !

පසුගිය වසරේ ජුලි 9 වනදා ජනාධිපති මන්දිරයෙන් රුපියල් මිලියන 17.85ක් සොයා ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලබන ජුලි 27 වනදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ පුරවැසි බලය සංවිධානය විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මීට පෙර අල්ලස් කොමිසමේ නිලධාරීන් නොතීසි නිකුත් කර තිබුණේ මෙම මුදල සම්බන්ධයෙන් අල්ලස් පනත යටතේ වරදකාරී කටයුත්තක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

අදාළ සිදුවීමට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්ණ කිරීමකදී හිටපු ජනාධිපතිවරයා කර තිබුණේ අදාළ මුදල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ව්‍යාපාරිකයන් විසින් ලබාදී ඇති බවත් එම මුදල් විරෝධතාකරුවන් විසින් නිවාස විනාශ කරන ලද පුද්ගලයන් අතරේ බෙදා දීමට සැලසුම් කර තිබූ බවත්ය.

කෙසේ නමුත් අරගල ක්‍රියාකාරීන් විසින් එම පරිශ්‍රය අත්පත් කර ගැනීම සමඟ මුල්‍ය වාර්තාවලට අදාළ ලිපි ලේඛන අස්ථානගත වී ඇති බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණා.

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ එම මුදල් සඳහා දායක වූ පුද්ගලයන්ගේ නම් හෙළි කිරීමට තමාට හැකියාවක් නොමැති බවයි.

මේ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුවී ඇත්දැයි සොයා බැලීම සඳහා එම විමර්ශන නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago