පසුගිය 18 වැනිදා අතුරුදහන් වූ අඟුරුවාතොට ඌරතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි රූමත් තරුණ මවගේ සහ ඇඟේ මාස 11ක සිඟිති දියණියගේ මළ සිරුරු හමුවී ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.
මෙම මළසිරුරු දෙක හමුවී ඇත්තේ අඟුරුවාතොට කැලෑබද ප්‍රදේශයක තිබියදීය. මෙසේ මියගොස් ඇත්තේ එම් වාසනා කුමාරි (24) සහ ඇයගේ එකම දියණිය වූ ටෂ්මි දිලන්යා නැමැති මාස 11 වයසැති දියණිය ය.
ඝාතනය ලක් වූ කත පාවිච්චි කළ ඇගේ තුවාය ද ඇයගේ සිරුර මත තිබූ බව පොලිසිය පවසයි. මවගේ උදරය ප්‍රදේශය කබරයි විසින් කා දා ඇති අතර ඇගේ දියණියගේ සිරුර මවගේ සිරුර තිබූ ස්ථානයේ සිට මදක් දුරට වන්නට තිබියදි සොයාගෙන ඇත. ඇගේ මුහුණ ප්‍රදේශයට කබරයි විසින් හානි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් භාරයට ගෙන සිටි, අතුරුදන් වූ කාන්තාවගේ ඥාතියකු වන හිටපු හමුදා සෙබළකු ප්‍රශ්න කර මුදා හැරිය බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීවේය.
මිය ගිය කාන්තාවගේ සැමියා සිය බිරිය සහ මාස 11ක් වයසැති දියණිය අතුරුදහන් වී ඇතැයි 18 දා රාත්‍රියේ අඟුරුවාතොට පොලිසියට පැමිණිලි කර තිබිනි .
සිද්ධිය සම්බන්ධනේ සැකකරන්නේ මියගිය කාන්තාවගේ ස්වාමියාගේ ඥාති සොහොයුරෙකුයි. කෙසේවෙතත් ඔහු මේ වන විට පළාගොස් ඇත.
අඟුරුවාතොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
සිදුවීම සබන්ධව වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන්,
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…