අධ්‍යාපනික

උසස් පෙළ සිසුන්ගේ 80% පැමිණීම ඉවත් කෙරේ – සුභාරංචිය මෙන්න !

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පාසල් පැමිණීම සියයට 40ක් ලෙස සලකා කටයුතු කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

ඒ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමේදී පාසල් අයදුම්කරුවන්ට සියයට 80ක පාසල් පැමිණීම අනිවාර්ය කිරීම හේතුවෙන් බොහො සිසුන් පිරිසකට විභාගයට පෙනීසිටීම සඳහා අවස්ථාව නොලැබෙන බවට පැමිණිලි ලැබීම හේතුවෙනි. ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

2023 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අයදුම් පත් කැඳවීම ජුලි මස 28 වන දින අවසන් වීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.

එමෙන්ම මෙවර විභාගය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කළයුතු වන අතර අදාළ දිනයෙන් පසු අයදුම් පත් භාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර 2023 උසස් පෙළ විභාගයට අයදුම් කිරීමට අදාළව අවස්ථා කිහිපයකදී චක්‍රලේඛ නිකුත් කිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිසුන්ට සිදුවී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, පාසල් පැමිණීම සියයට 80ක් විය යුතු බවට පසුගිය 17 වනදා චක්‍රලේඛයක් නිකුත් කිරීම තුළින් බොහෝ සිසුන්ට පාසලෙන් ඉල්ලා අස්වී පෞද්ගලික අයදුම්කරුවන් ලෙස අයදුම්පත් යොමුකිරීමට සිදුවූ බවය.

එහෙත් නැවතත් පාසලට පැමිණීමේ ප්‍රතිශතය සියයට 40ක් දක්වා අඩුකර ඇති අතර පුද්ගලික මට්ටමින් අයදුම් කළ සිසුන්ට අවශ්‍යනම් නැවතත් පාසල හරහා අයදුම් කළ හැකි බවට දැනුම්දී තිබුණි.

මෙම තත්ත්වය හමුවේ ඇතැම් විදුහල්පතිවරුන් අත්තනෝමතිකව කටයුතු කරමින් ළමුන් සහ දෙමව්පියන් පීඩාවට පත්කරන බව ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago