අධ්‍යාපනික

නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව සහ විභාග ගාස්තුව ඉහළ දමයි !

නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (21) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයැදුම්පත් කැඳවා ඇති බවත් මේ සම්බන්ධයෙන් විසඳුම් ලබාදිය යුතුව තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

අලුත් ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව ගාස්තු වැඩි කිරීමක් සිදුකර තිබෙන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර ඇත.

නීති අධ්‍යයන කවුන්සිලය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර මෙම වැඩි කිරීම කළ බවත් සිසු සිසුවියන් 5000 කට පමණ අධ්‍යාපන කටයුතු ඇතුළු අනිකුත් පහසුකම් නීති විද්‍යාලය විසින් ලබා දෙන අතර නීති විද්‍යාලයට රජයෙන් කිසිම මුදලක් ලබා දෙන්නේ නැතැයි අධිකරණ අමාත්‍යවරයා පවසා තිබේ.

නීති විද්‍යාලයට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නැතැයි ද නීති විද්‍යාල ශිෂ්‍යයන්ගෙන් අය කරන සුළු මුදලින් සිසුන් පන්දහසකට පමණ අධ්‍යාපනය ලබා දෙන බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සදහන් කර ඇත.

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නීති විද්‍යාලයේ සඳහා අයැදුම් පත් කැඳවීමේ කාරණය පිළිබඳව කරුණු සොයා බලා ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago